ඔන්න මමත් හිතුවා පලමු වතාවට ලිපියක් ලියන්න!...
මම ඔයාලට මුලින්ම දෙන මේ බයිස්කෝප් එක නම් ටිකක්
පරන එකක්,හරියටම කියනවානම් මේක ආවේ
2004 මැයි 7 වේනිදා.මේක IMDB වල 5.5/10
ඡන්ද ලබාගෙන තියනවා! ටිකක් ඡන්ද සංඛ්‍යව අඩු උනත්
නියම ෆිල්ම් එකක් කියන්න පුලුවන්, මොකද මේක
ගොඩක් සටන් කාමී චිත්‍රපටයක්, සටන් කරන්නනේත්
එසේ මෙසේ කෙනෙකුට නෙවේ "කවුනට් ඩ්‍රැකියුලා" ට විරැද්ධව,
ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන්නේ කොහොමද කියලා......
ච්ත්‍රපටයේ "වෑන් හේල්සින්" ගේ චරිතයට පන පොවන්නේ
X-Men Origins: Wolverine, The Prestige වැනි සුපිරි ෆිල්ම්ස් වලට
රංගන දායකත්වය ලබාදුන් සුප්‍රසිද්ද නළු "Hugh Jackman" ය.
හැබැයි මේකේ කථාව කෙටියෙන් කියන්න නම් අමාරැයි! මොකද
මේකේ කථාව ටිකක් විසිරිච්ච එකක්.
ච්ත්‍රපටයේ ප්‍රධන චරිතය වන "වෑන් හේල්සින්" ගැන කියනවනම්
"වෑන් හේල්සින්" කියන්නේ යක්ශයන් මර්දනය කිරීමට
උපන් හපන් කම් ඇති පුද්ගලයෙක්, ඒවතරක් නෙවේ මෙයා යක්කු මරන්නනේත්
මෙයාටම ආවේනික ආයුධ වලින්.
ඒවගේම "වෑන් හේල්සින්" "ෂර්ලේක් හෝම්ස්" ගෙත් හොද යාළුවේක්!
ඔයාලා සමහර විට කියවලා ඇති "ඩ්‍රැකියුලාට එරහිව ෂර්ලේක් හෝම්ස්" කියලා පොතක්
ඒකේත් ඩ්‍රැකියුලා ව මරන්න ෂර්ලේක් හෝම්ස් ට උදවු කරන්නේත් "වෑන් හේල්සින්" තමා.
("මොකද මම මේ හැම දේයක්ම දන්නේ වෑන් හේල්සින් මගෙත් හොද යාළුවේක් නිසා! :D")
කට්ටිය ඩවුන්ලෝඩ් කරලාම බලන්න! බය වේන්න දේයක් නෑ
ෆිල්ම් එක ආරමබයේ සිටම අවසානය දක්වා සටන් ඡවනිකා
වලින් පිරිලා.....
එහේනම් ඉතින් යන්න අවසරයි!!
ඉදිරියේදි තවත් ලිපි වලින් හමුවේමු.. ඡය ශ්‍රි!!!.
නිර්මාණය: කණියා
උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Download
Comment 1k Dalayanna!!!!!!!!!!!!!
ReplyDeleteI have seen this movie long time ago but it is very nice and brilliant acting from huge jackman
ReplyDelete