පුලයි මායි පලු ගස් දෙබලක මැස්සේ
සයිමා සමග කඩියා කැටවළ අස්සේ
අදුරේ හැම හඩට මගේ හදවත ගැස්සේ
අඩ හද පලු වන රොද මුදුනට ඉස්සේ
පලු ගහ අවට නැගි මැහි මදුරැ නැළවිලි
තරැ මල් වලා ගුළි නිල් ගුවන සැරසිලි
වැව් දිය අැල් මැරී මසු අතර කැළබිලි
බැලු හැම තැනම මතු වුණු අමුතු සෙවණැලි
විසිතුරැ වලා වැලි කමිමැලි ලෙස පාවෙි
කිසියමි සතෙක තව නැත වැව වෙත අාවෙ
ඩාදිය ගලා බැස මුලු සිරැර ම නෑවෙ
ඈතින් ඇසේ මත් මුව දෙනකගෙ රාවෙ
හදිසියෙ දුටිමි කලුවක් වැව වෙත ඇදෙන
වැලහින්නක් ය-අැය පසු පස දරැ දෙදෙන
යන්තමි ඇසුණි හඩ පැටවුන් දිය අදින
කැටවළ තුළින් ඵකණෙහි වෙිඩි හඩ නැගිණ
වමිඉළයට වැටී ගති ඵ වැලහින්න
මම කෑගසිමි කඩියට වෙිඩි නොතියන්න
දගලන අතර ඈ තැති ගෙන නැගිටින්න
දුක්මුසු ලෙසින් හැඩුවා පොඩි දරැ දෙන්න
පොඩි පැටවුනුත් ඇදගෙන රැදෙන ඉඩ නොදී
ආ කැලයට ම ඵ් මව පැනපි ඇදි අැදී
කකුලක් කැඩී ගියමුත් ඇයගෙ වෙඩි වැදී
දරැ පොම මරන්නට ඵ් මවට ඵය මදී
හෙමිහිට ඇදී යනතුරැ දුරට ම බැද්දේ
හදවත පෙළී පැටවුන් වැලපෙන සද්දේ
සන්වෙීගයෙන් මා සිටි මැස්ස ද පැද්දේ
වැලපෙයි කිරළ රැළ උඩ පැන වැව මැද්දේ
ගොලුවන් කියන දේ වැටහෙන සවන් පෙතී
මා සතු වෙන්ට ඵදවස සිට පටන් ගතී
දරැවන් දක්න විට සිය මෑණියන් නැතී
ඵ් හැම දෙනම මගෙ ළග නෑ සියන් වෙතී
- විමලරත්න කුමාරගම (1919 - 1962)
No comments:
Post a Comment