
තණනිල්ලේ කිරුලු දරා....
පහළොස් වසරක් ගෙවුනා....
ඒ අභිමානය යලි ගන්නට....
යන දිරි ගමනේ....
ජය නියතයි සිංහ පුතුන්නේ....
සිංහ ධජය ලොව ලෙළ දෙන්නේ....
සිංහ රුධිරයේ එඩිය ලොව....
ජය නද දෙන්නේ.....
වන්දේ.... වන්දේ.... ශ්‍රී ලංකා....
අභිමානනීයවූ මව් ලංකා....
සැරදේ.... ජයවේ.....
මව් ලංකා....
අකුණු සැරින් වදිනා පහරක්....
සීමාවෙන් එපිට පතිත වේ...
සැඩ සුලඟක් බඳුවු පන්දුවත්....
කඩුලු සිපගනී....
දඟර පන්දුවේ විස්කම්....
පුදුමකලා මේ මිහිකතවත්....
කේශර හඬ ලොව පිළිරැව් දුන්නේ....
වන්දේ.... වන්දේ.... ශ්‍රී ලංකා....
අභිමානනීයවූ මව් ලංකා....
සැරදේ.... ජයවේ.....
මව් ලංකා....
එක ධජයක් යට ජීවත්වන....
කේශර එඩි ඇති පවුලක් ලෙස.....
යමු යමු අත්වැල් බැඳ.....
ජයනංවා....
සිංහ රුධිරයේ බල පෙන්වමු....
කෙනෙහිලි අවහිර සැම බිඳලමු....
ජය නියතයි මව් ශ්‍රී ලංකා.....
වන්දේ.... වන්දේ.... ශ්‍රී ලංකා....
අභිමානනීයවූ මව් ලංකා....
සැරදේ.... ජයවේ.....
මව් ලංකා....
ජයනියතයි මව් ලංකා....
අභිමානනීය ලංකා.....
කේශර නඳ දසතම පැතිරෙන්නේ....
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
No comments:
Post a Comment