Welcome Note

ඡි්aවිතය දැහැමි ගතකරවන සංවෙදී Blog අඩවිය

Can't Read this Blog?

Friday, January 14, 2011

ඉතින් එන්න.... පමා නොවී.... හනික දැන් ඉතින්....




මුමුණන්න නෙතඟින් බලා.......
හද ගැල්වු ඒ චේතනා.......
මට දෙන්න අතැඟිලි ඔබේ......
සිපගන්න දොතින් දරා......


තඹරු මලේ... පෙති ගලවා...
සුවඳ උනාලා...
සැදි යහනේ... වැතිර හිඳිමි...
ඔබ එනතුරු මා...
පුලුන්වලා.... පලස මතින්...
හෙමින් අඩි තබා...
එන්නට තව..... සුනංගු ඇයි...
මා සිත තැවුනා...


බට පිණි වැටි..... හිමිදිරියේ......
අරුණලු පිපුනේ.......
කොහෙදෝ හිඳ....... පියඹා ආ......
රන් සමනළියක් .......
ඔබ එන බව..... මට කීවා......
තව්තිසා ලොවින්........
ඉතින් එන්න........ පමා නොවී......
හනික දැන් ඉතින්........


නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

2 comments: